SEARCH DATABASE
The Global Gender Equality Constitutional Database is a repository of gender equality related provisions in 194 constitutions from around the world. The Database was updated in partnership with the International Bar Association's Human Rights Institute (IBAHRI) and with support from the Swedish International Development Agency (SIDA) and the Government of Japan. Experience its wealth and depth of information by starting your search now.
Participation in Public Life and Institutions
- English
(1) No person shall be appointed by the President as the Chairman or a member of any of the Commissions specified in the Schedule to this Article, except on a recommendation of the Council.
(2) The provisions of paragraph (1) of this Article shall apply in respect of any person appointed to act as the Chairman or as a member of any such Commission.
(3) It shall be the duty of the Council to recommend to the President fit and proper persons for appointment as Chairmen or members of the Commissions specified in the Schedule to this Article, whenever the occasion for such appointments arises, and such recommendations shall endeavour to ensure that such recommendations reflect the pluralistic character of Sri Lankan society, including gender. In the case of the Chairmen of such Commissions, the Council shall recommend three persons for appointment, and the President shall appoint one of the persons recommended as Chairman.
…
SCHEDULE
(a) The Election Commission.
(b) The Public Service Commission.
(c) The National Police Commission.
(d) The Audit Service Commission.
(e) The Human Rights Commission of Sri Lanka.
(f) The Commission to Investigate Allegations of Bribery or Corruption.
(g) The Finance Commission.
(h) The Delimitation Commission.
(i) The National Procurement Commission. (Art. 41B) - Sinhala
(1) මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස හෝ ජනාධිපතිවරයා විසින් තැනැත්තකු පත් කිරීම සභාවේ නිර්දේශය මත හැර, නොකරනු ලැබිය යුත්තේ ය.
(2) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධාන, එකී යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස වැඩබැලීම සඳහා පත් කරනු ලැබූ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ද අදාළ විය යුත්තේ ය.
(3) මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් ලෙස හෝ සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා අවස්ථාව එළඹෙන කවර හෝ විටක එසේ පත් කරනු ලැබිය යුතු නිසි සහ යෝග්‍ය තැනැත්තන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීම සභාවේ කාර්යයක් වන අතර ඒ නිර්දේශවලින් ලිංගික වර්ගීකරණය ඇතුළුව ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ත්ව ස්වභාවය පිළිබිඹු වන බව වගබලා ගැනීමට ප්රයත්න දරනු ලැබිය යුත්තේ ය. ඒ කොමිෂන් සභාවල සහාපතිවරුන් සම්බන්ධයෙන් වන විට, පත් කිරීම සඳහා සභාව විසින් තැනැත්තන් තිදෙනෙකු නිර්දේශ කරනු ලැබිය යුතු අතර, නිර්දේශ කරනු ලැබූ තැනැත්තන්ගෙන් එක් අයෙකු ජනාධිපතිවරයා විසින් සභාපතිවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.
…
උපලේඛනය
(අ) මැතිවරණ කොමිෂන් සභාව;
(ආ) රාජ්‍ය සේවා කොමිෂන් සභාව;
(ඇ) ජාතික පොලිස් කොමිෂන් සභාව;
(ඈ) විගණන සේවා කොමිෂන් සභාව;
(ඉ) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව;
(ඊ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව;
(උ) මුදල් කොමිෂන් සභාව;
(ඌ) සීමා නිර්ණය කොමිෂන් සභාව;
(එ) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව. (41ආ වැනි වගන්තිය)
Property, Inheritance and Land Tenure
- English…
18. Land – Land, that is to say, rights in or over land, land tenure, transfer and alienation of land, land use, land settlement and land improvement, to the extent set out in Appendix II.
… (Ninth Schedule, List I, Provincial Council List) - Sinhala...
18. ඉඩම් - ඉඩම්, එනම් (II) වැනි පරිශිෂ්ටයෙහි දක්වා ඇති ප්‍රමාණයට ඉඩම් කෙරෙහි හෝ ඉඩම් විෂයයෙහි ඇති අයිතිවාසිකම්, ඉඩම් භුක්තිය, ඉඩම් විකිණීම හා අන්සතු කිරීම, ඉඩම් පරිහරණය, ඉඩම්වල පදිංචි කරවීම සහ ඉඩම් වැඩි දියුණු කිරීම.
… (නව වැනි උපලේඛනය, I වැනි ලැයිස්තුව, පළාත් සභා ලැයිස්තුව)
Protection from Violence
- English...
(7) The State shall eliminate economic and social privilege and disparity and the exploitation of man by man or by the State.
…
(13) The State shall promote with special care the interests of children and youth, so as to ensure their full development, physical, mental, moral, religious and social, and to protect them from exploitation and discrimination.
… (Art. 27) - Sinhala...
(7) ආර්ථීක සහ සාමාජයික වරප්‍රසාද හා විෂමතා ද, මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කර ගැන්ම ද, රජය විසින් තුරන් කළ යුත්තේ ය.
…
(13) ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සමාජයික වශයෙන් පූර්ණ වර්ධනයට පත් වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකි වන පරිදි ඔවුන්ගේ ශුභ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළ යුත්තේ ය.
… (27 වැනි වගන්තිය)
Protection from Violence
- EnglishNo person shall be subjected to torture or to cruel, inhuman or degrading treatment or punishment. (Art. 11)
- Sinhalaකිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඞුුවමකට යටත් නොකළ යුත්තේ ය. (11 වැනි වගන්තිය)
Public Institutions and Services
- English...
11. Health –
11:1 The establishment and maintenance of public hospitals, rural hospitals, maternity homes, dispensaries (other than teaching hospitals and hospitals established for special purposes) ;
11:2 Public health services, health education, nutrition, family health maternity and child care, food and food sanitation, environmental health ;
… (Ninth Schedule, List I, Provincial Council List) - Sinhala...
11. සෞඛ්‍යය -
11:1 (ශික්ෂණ රෝහල් සහ විශේෂ කාර්යය සඳහා පිහිටුවනු ලබන රෝහල් හැර) මහජන රෝහල්, ග්‍රාමීය රෝහල්, මාතෘ නිවාස සහ ඛෙහෙත් ශාලා පිහිටුවා පවත්වාගෙන යාම;
11:2 මහජන සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය අධ්‍යාපනය, පෝෂණය, පවුල් සෞඛ්‍ය ය, මාතෘ දාරක රක්ෂණය, ආහාර සහ ආහාර සෞඛ්යාහරක්ෂණය, පාරිසරික සෞඛ්‍යය;
… (නව වැනි උපලේඛනය, I වැනි ලැයිස්තුව, පළාත් සභා ලැයිස්තුව)
Public Institutions and Services
- English...
(2) The State is pledged to establish in Sri Lanka a democratic socialist society, the objectives of which include –
…
(c) the realization by all citizens of an adequate standard of living for themselves and their families, including adequate food, clothing and housing, the continuous improvement of living conditions and the full enjoyment of leisure and social and cultural opportunities ;
…
(e) the equitable distribution among all citizens of the material resources of the community and the social product, so as best to subserve the common good ;
…
(9) The State shall ensure social security and welfare.
...
(12) The State shall recognize and protect the family as the basic unit of society.
… (Art. 27) - Sinhala...
(2) මතු දැක්වෙන අරමුණ ද ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය –
…
(ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුව ද, ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනය ද, විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප්‍රස්තා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම;
…
(ඉ) පොදුජන යහපතට ඉවහල්වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස ඛෙදා හැරීම;
…
(9) සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට රජය වගබලා ගත යුත්තේ ය.
...
(12) පවුල, සමාජයේ මූලික ඒකකය වශයෙන් රජය විසින් පිළිගෙන ආරක්ෂා කළ යුත්තේ ය.
… (27 වැනි වගන්තිය)
Sexual and Reproductive Rights
- English…
9. Health –
…
9:3 Population control and family planning;
… (Ninth Schedule, List III, Concurrent List) - Sinhala...
9. සෞඛ්‍යය –
…
9:3 ජනගහන පාලනය සහ පවුල් සංවිධානය;
… (නව වැනි උපලේඛනය, III වැනි ලැයිස්තුව, සමගාමී ලැයිස්තුව)
Status of the Constitution
- English
The exercise and enjoyment of rights and freedoms are inseparable from the performance of duties and obligations and accordingly it is the duty of every person in Sri Lanka –
(a) to uphold and defend the Constitution and the law ;
… (Art. 28) - Sinhala
අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ක්‍රියාත්මකවීමත්, භුක්ති විඳීමත් යුතුකම් හා බැඳීම් ඉටු කිරීමෙන් වෙන්ව පැවතිය නොහැක්කේ ය. එහෙයින්-
(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය ආරක්ෂා කොට අනුගමනය කිරීම ද,
...
ශ්‍රී ලංකාවාසී සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේ ය. (28 වැනි වගන්තිය)
Status of the Constitution
- English
(1) All existing written law and unwritten law shall be valid and operative notwithstanding any inconsistency with the preceding provisions of this Chapter7.
(2) The subjection of any person on the order of a competent court to any form of punishment recognized by any existing written law shall not be a contravention of the provisions of this Chapter. (Art. 16) - Sinhala
(1) පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති අතුරෙන් යම්කිසි ලිඛිත නීතියක් හෝ ලිඛිත නොවූ නීතියක් මේ පරිච්ඡේදයේ මෙයට ඉහතින් ඇති විධිවිධානවලට අනුකූල නොවුව ද, එකී සියලු පවත්නා ලිඛිත නීති සහ ලිඛිත නොවූ නීති බලාත්මකව ක්‍රියාත්මක වන්නේ ය.
(2) කවර වූ හෝ පවත්නා ලිඛිත නීතියකින් දඬුවමක් ලෙස පිළිගනු ලැබූ කවර වූ හෝ ආකාරයක දඬුවමකට කවර වූ හෝ තැනැත්තකු නිසි අධිකරණයක ආඥාව පිට යටත් කිරීම මේ පරිච්ඡේදයේ විධිවිධාන කඩකිරීමක් නොවන්නේ ය. (16 වැනි වගන්තිය)
Status of the Constitution
- English… WE, THE FREELY ELECTED REPRESENTATIVES OF THE PEOPLE OF SRI LANKA, … do hereby adopt and enact this Constitution as the supreme Law of the Democratic Socialist Republic of Sri Lanka. (Preamble)
- Sinhala… නිදහස් ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ නියෝජිතයන් වන අපි ... ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොට පනවම්හ. (පූර්විකාව)