Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2020
Citizenship and Nationality
  • English
    (1) There shall be one status of citizenship known as “the status of a citizen of Sri Lanka”.
    (2) A citizen of Sri Lanka shall for all purposes be described only as a “citizen of Sri Lanka”, whether such person became entitled to citizenship by descent or by virtue of registration in accordance with the law relating to citizenship.
    (3) No distinction shall be drawn between citizens of Sri Lanka for any purpose by reference to the mode of acquisition of such status, as to whether acquired by descent or by virtue of registration.
    (4) No citizen of Sri Lanka shall be deprived of his status of a citizen of Sri Lanka, except under and by virtue of the provisions of sections 19, 20, 21 and 22 of the Citizenship Act:
    Provided that the provisions of sections 23 and 24 of that Act shall also be applicable to a person who became entitled to the status of a citizen of Sri Lanka by virtue of registration under the provisions of section 11, 12 or 13 of that Act.
    (5) Every person who immediately prior to the commencement of the Constitution was a citizen of Sri Lanka, whether by descent or by virtue of registration in accordance with any law relating to citizenship, shall be entitled to the status and to the rights of a citizen of Sri Lanka as provided in the preceding provisions of this Article.
    (6) The provisions of all existing written laws relating to citizenship and all other existing written laws wherein reference is made to citizenship shall be read subject to the preceding provisions of this Article. (Art. 26)
  • Sinhala
    (1) "ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්‍වය" යනුවෙන් හඳුන්වනු ලබන එකම පුරවැසි තත්ත්‍වයක් විය යුත්තේ ය.
    (2) ශ්‍රී ලංකාවේ පුරවැසියකුට, පුරවැසිභාවය හිමි වූයේ පරම්පරාවෙන් වුව ද, පුරවැසිභාවය පිළිබඳ නීතියට අනුකූලව ලියාපදිංචිවීමෙන් වුව ද, ඒ තැනැත්තා සියලු කාර්ය සඳහා "ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්" යනුවෙන් පමණක් විස්තර කරනු ලබන්නේ ය.
    (3) පුරවැසි තත්ත්‍වය අත්කර ගනු ලැබූ ආකාරය, එනම්, පරම්පරාවෙන් ද, නැතහොත් ලියාපදිංචි වීමෙන් ද යනු සලකා කවර වූ හෝ කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුත්තේ ය.
    (4) ශ්‍රී ලංකාවේ කිසිම පුරවැසියකුට පුරවැසියකු වශයෙන් ඔහුගේ තත්ත්‍වය පුරවැසි පනතේ 19 වැනි, 20 වැනි, 21 වැනි සහ 22 වැනි වගන්තිවල විධිවිධාන යටතේ සහ ඒ වගන්තිවල විධිවිධාන ප්‍රකාර මිස අහිමි නො කළ යුත්තේ ය:
    එසේ වුව ද, පුරවැසි පනතේ 11 වැනි, 12 වැනි හෝ 13 වැනි වගන්තිවල විධිවිධාන යටතේ ලියාපදිංචි කරනු ලැබීමෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්‍වයට හිමිකම් ලැබූ තැනැත්තකුට ඒ පනතේ 23 වැනි සහ 24 වැනි වගන්තිවල විධිවිධාන ද අදාළ වන්නේ ය.
    (5) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීම ආරම්භ වන තෙක් පරම්පරාවෙන් නැතහොත් පුරවැසිභාවය පිළිබඳ යම් නීතියකට අනුකූලව ලියාපදිංචි වීමෙන් හෝ ශ්‍රී ලංකාවේ පුරවැසියකුව සිටි සෑම තැනැත්තකුට ම, මේ ව්‍යවස්ථාවේ මීට ඉහතින් ඇති විධිවිධානවලින් විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ තත්ත්‍වයට සහ ශ්‍රී ලංකා පුරවැසියකුගේ අයිතිවාසිකම්වලට හිමිකම් ලැඛෙන්නේ ය.
    (6) පුරවැසිභාවය හා සම්බන්ධ සියලු පවත්නා ලිඛිත නීති සහ පුරවැසිභාවය ගැන සඳහන් කරන වෙනත් සියලු පවත්නා ලිඛිත නීති මේ ව්‍යවස්ථාවේ මීට ඉහතින් වූ විධිවිධානවලට යටත්ව තේරුම් ගත යුත්තේ ය. (26 වැනි වගන්තිය)
Citizenship and Nationality
  • English
    Immigration and Emigration and Citizenship
    This would include –
    (a) Citizenship, Naturalization and Aliens;
    … (Ninth Schedule, List II, Reserved List)
  • Sinhala
    ආගමනය හා විගමනය සහ පුරවැසිභාවය
    මෙයට පහත දැක්වෙන විෂයයන් ඇතුළත් වේ:-
    (අ) පුරවැසිභාවය, පුරවැසිභාවයට ඇතුළත් කිරීම සහ විදේශිකයෝ;
    … (නව වෙනි උපලේඛනය, II වෙනි ලැයිස්තුව, සංවෘත ලැයිස්තු)
Links to all sites last visited 31 March 2021
3, 4
3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”4- Chapter III on Fundamental Rights
5
Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”
6
Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.
7
Chapter III on Fundamental Rights