Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2020
Equality and Non-Discrimination
  • English
    The PEOPLE OF SRI LANKA … assuring to all peoples FREEDOM, EQUALITY, JUSTICE, FUNDAMENTAL HUMAN RIGHTS and the INDEPENDENCE OF THE JUDICIARY as the intangible heritage that guarantees the dignity and well-being of succeeding generations of the People of SRI LANKA … (Preamble)
  • Sinhala
    ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් ... ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරා වලද ධර්මිෂ්ට නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්‍ෂිත කිරීමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේ දී සහාය වීමට පැමිණෙන සකල ලෝකවාසීන්ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ශනීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධිනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ... (පූර්විකාව)
Equality and Non-Discrimination
  • English
    (1) All persons are equal before the law and are entitled to the equal protection of the law.
    (2) No citizen shall be discriminated against on the grounds of race, religion, language, caste, sex, political opinion, place of birth or anyone of such grounds :Provided that it shall be lawful to require a person to acquire within a reasonable time sufficient knowledge of any language as a qualification for any employment or office in the Public, Judicial or Local Government Service or in the service of any Public Corporation, where such knowledge is reasonably necessary for the discharge of the duties of such employment or office :
    Provided further that it shall be lawful to require a person to have a sufficient knowledge of any language as a qualification for any such employment or office where no function of that employment or office can be discharged otherwise than with a knowledge of that language.
    (3) No person shall, on the grounds of race, religion, language, caste, sex or any one of such grounds, be subject to any disability, liability, restriction or condition with regard to access to shops, public restaurants, hotels, places of public entertainment and places of public worship of his own religion.
    (4) Nothing in this Article shall prevent special provision being made, by law, subordinate legislation or executive action, for the advancement of women, children or disabled persons. (Art. 12)
  • Sinhala
    (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.
    (2) කිසිම පුරවැසියක වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය:
    එසේ වුවද, රජයේ සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තියක හෝ ධුරයක කාර්ය ඉටුකිරීම සඳහා යම් තැනැත්තකු යම් භාෂාවක් පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවක ඒ සේවා නියුක්තිය හෝ ධුරය සඳහා සුදුසුකමක් වශයෙන් ඒ භාෂාව පිළිබඳ එසේ ප්‍රමාණවත් දැනීමක් සාධාරණ කාලයක් තුළදී ලබාගත යුතු යයි එවැනි තැනැත්තකුට නියම කිරීම නීත්‍යානුකූල වන්නේ ය:
    එසේම තව දුරටත්, එවැනි යම් සේවා නියුක්තියක හෝ ධුරයක හෝ කිසිදු කර්තව්‍යයක් යම් භාෂාවක් පිළිබඳ දැනීම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකිවන අවස්ථාවලදී, ඒ සේවා නියුක්තියට හෝ ධුරයට හෝ ඇතුළත් කර ගැනීමේ සුදුසුකමක් වශයෙන් යම් තැනැත්තකුට ඒ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් තිබිය යුතු යයි නියම කිරීම නීත්‍යනුකූල වන්නේ ය.
    (3) වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමාගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් අශක්නුතාවකට, බැඳීමකට, සීමා කිරීමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය.
    (4) කාන්තාවන්ගේ, ළමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ ප්‍රගතිය සඳහා නීතියෙන් හෝ අනු නීතිවලින් හෝ විධායක ක්‍රියා මාර්ගයෙන් හෝ විශේෂ විධිවිධාන සැලැස්වීම මේ ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොවන්නේ ය. (12 වැනි වගන්තිය)
Equality and Non-Discrimination
  • English
    ...
    (5) The State shall strengthen national unity by promoting co-operation and mutual confidence among all sections of the People of Sri Lanka, including the racial, religious, linguistic and other groups and shall take effective steps in the fields of teaching, education and information in order to eliminate discrimination and prejudice.
    (6) The State shall ensure equality of opportunity to citizens, so that no citizen shall suffer any disability on the ground of race, religion, language, caste, sex, political opinion or occupation.
    (7) The State shall eliminate economic and social privilege and disparity and the exploitation of man by man or by the State.
    … (Art. 27)
  • Sinhala
    ...
    (5) වාර්ගික, ආගමික, විවිධ භාෂා භාවිත කරන සහ වෙනත් ජන කොට්ඨාස ඇතුළු ශ්‍රී ලංකා වාසී සකල ජනතාව අතර සහයෝගය සහ අන්‍යොන්‍ය විශ්වාසය වඩාලීමෙන් ජාතියේ සමගිය තහවුරු කිරීම ද, විශේෂ සැලකිලි සහ වෙනස්කම් තුරන් කිරීම සඳහා ඉගැන්වීම, අධ්‍යාපනය දීම සහ ප්‍රවෘත්ති සැපයීම යන ක්‍ෂේත්‍රවල ඵලදායී පියවර ගැනීම ද රජය විසින් කළ යුත්තේ ය.
    (6) කිසිම පුරවැසියකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි අශක්නුතාවකට පත් නොවන පරිදි පුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්තාවන් සැලසීමට රජය වගබලා ගත යුත්තේ ය.
    (7) ආර්ථීක සහ සාමාජයික වරප්‍රසාද හා විෂමතා ද, මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කර ගැන්ම ද, රජය විසින් තුරන් කළ යුත්තේ ය.
    … (27 වැනි වගන්තිය)
Links to all sites last visited 31 March 2021
3, 4
3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”4- Chapter III on Fundamental Rights
5
Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”
6
Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.
7
Chapter III on Fundamental Rights