Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2020
Participation in Public Life and Institutions
  • English
    ...
    (4) The State shall strengthen and broaden the democratic structure of government and the democratic rights of the People by decentralizing the administration and by affording all possible opportunities to the People to participate at every level in national life and in government.
    … (Art. 27)
  • Sinhala
    ...
    (4) පරිපාලනය විමධ්‍යගත කිරීමෙන් සහ මහජන කටයුතුවලට සහ පාලන කටයුතුවලට සෑම අවස්ථාවක ම ජනතාව සහභාගි කරවා ගැනීමෙන් ආණ්ඩුවේ ප්‍රජාතන්තවාදී පදනම සහ ජනතාවගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් ද රජය විසින් තහවුරු කොට පුළුල් කළ යුත්තේ ය.
    … (27 වැනි වගන්තිය)
Participation in Public Life and Institutions
  • English
    (1) No person shall be appointed by the President as the Chairman or a member of any of the Commissions specified in the Schedule to this Article, except on a recommendation of the Council.
    (2) The provisions of paragraph (1) of this Article shall apply in respect of any person appointed to act as the Chairman or as a member of any such Commission.
    (3) It shall be the duty of the Council to recommend to the President fit and proper persons for appointment as Chairmen or members of the Commissions specified in the Schedule to this Article, whenever the occasion for such appointments arises, and such recommendations shall endeavour to ensure that such recommendations reflect the pluralistic character of Sri Lankan society, including gender. In the case of the Chairmen of such Commissions, the Council shall recommend three persons for appointment, and the President shall appoint one of the persons recommended as Chairman.

    SCHEDULE
    (a) The Election Commission.
    (b) The Public Service Commission.
    (c) The National Police Commission.
    (d) The Audit Service Commission.
    (e) The Human Rights Commission of Sri Lanka.
    (f) The Commission to Investigate Allegations of Bribery or Corruption.
    (g) The Finance Commission.
    (h) The Delimitation Commission.
    (i) The National Procurement Commission. (Art. 41B)
  • Sinhala
    41ආ. (1) මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස හෝ ජනාධිපතිවරයා විසින් තැනැත්තකු පත් කිරීම සභාවේ නිර්දේශය මත හැර, නොකරනු ලැබිය යුත්තේ ය.
    (2) මේ ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ විධිවිධාන, එකී යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස වැඩබැලීම සඳහා පත් කරනු ලැබූ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ද අදාළ විය යුත්තේ ය.
    (3) මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් ලෙස හෝ සාමාජිකයන් ලෙස පත් කිරීම සඳහා අවස්ථාව එළඹෙන කවර හෝ විටක එසේ පත් කරනු ලැබිය යුතු නිසි සහ යෝග්‍ය තැනැත්තන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීම සභාවේ කාර්යයක් වන අතර ඒ නිර්දේශවලින් ලිංගික වර්ගීකරණය ඇතුළුව ශ්‍රී ලාංකීය සමාජයේ බහුත්ත්ව ස්වභාවය පිළිබිඹු වන බව වගබලා ගැනීමට ප්‍රයත්න දරනු ලැබිය යුත්තේ ය. ඒ කොමිෂන් සභාවල සහාපතිවරුන් සම්බන්ධයෙන් වන විට, පත් කිරීම සඳහා සභාව විසින් තැනැත්තන් තිදෙනෙකු නිර්දේශ කරනු ලැබිය යුතු අතර, නිර්දේශ කරනු ලැබූ තැනැත්තන්ගෙන් එක් අයෙකු ජනාධිපතිවරයා විසින් සභාපතිවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.

    උපලේඛනය
    (අ) මැතිවරණ කොමිෂන් සභාව;
    (ආ) රාජ්‍ය සේවා කොමිෂන් සභාව;
    (ඇ) ජාතික පොලිස් කොමිෂන් සභාව;
    (ඈ) විගණන සේවා කොමිෂන් සභාව;
    (ඉ) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව;
    (ඊ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව;
    (උ) මුදල් කොමිෂන් සභාව;
    (ඌ) සීමා නිර්ණය කොමිෂන් සභාව;
    (එ) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව. (41ආ වැනි වගන්තිය)
Links to all sites last visited 31 March 2021
3, 4
3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”4- Chapter III on Fundamental Rights
5
Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”
6
Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.
7
Chapter III on Fundamental Rights