Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2020
Jurisdiction and Access
  • English
    Every person shall be entitled to apply to the Supreme Court, as provided by Article 1263, in respect of the infringement or imminent infringement, by executive or administrative action, of a fundamental right to which such person is entitled under the provisions of this Chapter4. (Art. 17)
  • Sinhala
    මේ පරිච්ඡේදයේ විධිවිධාන යටතේ යම් තැනැත්තකුට හිමි වන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය. (17 වැනි වගන්තිය)
Jurisdiction and Access
  • English
    The Supreme Court of the Republic of Sri Lanka shall be the highest and final superior Court of record in the Republic and shall subject to the provisions of the Constitution exercise –
    (a) jurisdiction in respect of constitutional matters;
    (b) jurisdiction for the protection of fundamental rights;
    (c) final appellate jurisdiction;
    (d) consultative jurisdiction;
    (e) jurisdiction in election petitions;
    (f) jurisdiction in respect of any breach of the privileges of Parliament; and
    (g) jurisdiction in respect of such other matters which Parliament may by law vest or ordain. (Art. 118)
  • Sinhala
    ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනරජයේ උත්තරීතම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, මෙහි පහත දැක්වෙන ආකාරයේ වූ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ ය. එනම් :-
    (අ) පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් වූ අධිකරණ බලය;
    (ආ) මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා වූ අධිකරණ බලය;
    (ඇ) අවසාන අභියාචනාධිකරණ බලය;
    (ඈ) උපදේශක අධිකරණ බලය;
    (ඉ) ඡන්ද පෙත්සම් සම්බන්ධයෙන් වූ අධිකරණ බලය;
    (ඊ) පාර්ලිමේන්තුවේ යම් වරප්‍රසාද කඩකිරීමක් සම්බන්ධයෙන් අධිකරණ බලය; සහ
    (උ) පාර්ලිමේන්තුව විසින් නීතියෙන් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් කාරණා සම්බන්ධයෙන් වූ අධිකරණ බලය. (118 වැනි වගන්තිය)
Jurisdiction and Access
  • English
    The Supreme Court shall have sole and exclusive jurisdiction to determine any question as to whether any Bill or any provision thereof is inconsistent with the Constitution: … (Art. 120)
  • Sinhala
    යම් පනත් කෙටුම්පතක් නැතහොත් පනත් කෙටුම්පතක යම් විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල දැයි යන යම් ප්‍රශ්නයක් පිළිබඳව තීරණයක් ගැනීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේ ය: ... (120 වැනි වගන්තිය)
Jurisdiction and Access
  • English
    (1) The jurisdiction of the Supreme Court to ordinarily determine any such question as aforesaid may be invoked by the President by a written reference addressed to the Chief Justice, or by any citizen by a petition in writing addressed to the Supreme Court. ... In this paragraph “citizen” includes a body, whether incorporated or unincorporated, if not less than three-fourths of the members of such body are citizens.
    … (Art. 121)
  • Sinhala
    ඉහත කී පරිදි වූ එවැනි යම් ප්‍රශ්නයක් පිළිබඳව සාමාන්‍යයෙන් තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අධිකරණ බලය අග්‍ර විනිශ්චයකාරවරයා අමතා ජනාධිපතිවරයා විසින් යවනු ලබන ලිඛිත යොමු කිරීමක් මගින් නැතහොත් ශ්‍රේෂ්ඨාධිකරණය අමතා කවර වූ හෝ පුරවැසියකු විසින් යවනු ලබන ලිඛිත පෙත්සමක් මගින් ක්‍රියාත්මක කරවා ගත හැක්කේ ය.ගගගමේ අනුව්‍යවස්ථාවෙහි — පුරවැසියා ˜ යන්නට සාමාජික සංඛ්‍යාවෙන් හතරෙන් තුනකට නොඅඩු සංඛ්‍යාවක් පුරවැසියන් වන්නා වූ සංස්ථාගත කළ හෝ සංස්ථාගත නොකළ මණ්ඩලයක් ඇතුළත් වේ. ... (121 වැනි වගන්තිය)
Jurisdiction and Access
  • English
    (1) The Supreme Court shall have sole and exclusive jurisdiction to hear and determine any question relating to the interpretation of the Constitution and accordingly, whenever any such question arises in the course of any proceedings in any other court or tribunal or other institution empowered by law to administer justice or to exercise judicial or quasi-judicial functions, such question shall forthwith be referred to the Supreme Court for determination. The Supreme Court may direct that further proceedings be stayed pending the determination of such question.
    … (Art. 125)
  • Sinhala
    (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම පිළිබඳ යම් ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීම සඳහා තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේ ය. ඒ අනුව වෙනත් යම් අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක හෝ යුක්තිය පසිඳලීම සඳහා හෝ අධිකරණ කාර්ය නැතහොත් අර්ධ අධිකරණ කාර්ය ඉටු කිරීම සඳහා හෝ නීතියෙන් බලය පැවරී ඇති වෙනත් යම් ආයතනයක හෝ නඩු කටයුතුවල දී එවැනි යම් ප්‍රශ්නයක් උද්ගත වුවහොත් ඒ ප්‍රශ්නය තීරණය කිරීම සඳහා නොපමාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුත්තේ ය. ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණයක් කරන තෙක් වැඩිදුර නඩු කටයුතු අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විධාන කළ හැක්කේ ය. ... (125 වැනි වගන්තිය)
Links to all sites last visited 31 March 2021
3, 4
3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”4- Chapter III on Fundamental Rights
5
Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”
6
Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.
7
Chapter III on Fundamental Rights