Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2023
Political Rights and Association
  • English

    The Sovereignty of the People shall be exercised and enjoyed in the following manner:–

    (e) the franchise shall be exercisable at the election of the President of the Republic and of the Members of Parliament and at every Referendum by every citizen who has attained the age of eighteen years and who, being qualified to be an elector as hereinafter provided, has his name entered in the register of electors. (Art. 4)

  • Sinhala

    ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:–

    (ඉ) අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයෙ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද, සෑම ජනමත විචාරණයක දී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය. (4 වැනි වගන්තිය)

Political Rights and Association
  • English

    (1) Every citizen is entitled to –

    (c) the freedom of association;
    … (Art. 14)

  • Sinhala

    (1) සෑම පුරවැසියකුට ම –

    (ඇ) සමාගමයේ නිදහසට;
    … (14 වැනි වගන්තිය)

Political Rights and Association
  • English

    Every person shall, unless disqualified as hereinafter provided, be qualified to be an elector at the election of the President and of the Members of Parliament or to vote at any Referendum:
    Provided that no such person shall be entitled to vote unless his name is entered in the appropriate register of electors. (Art. 88)

  • Sinhala

    මතු දැක්වෙන විධිවිධාන අනුව ඡන්ද බලය අහිමි වේ නම් මිස, සෑම තැනැත්තෙක් ම ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ඡන්ද හිමියකු වීමට හෝ යම්කිසි ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් වන්නේ ය:
    එසේ වුව ද, එවැනි කිසිම තැනැත්තකුට ඔහුගේ නම උචිත ඡන්දහිමි නාමලේඛනෙයහි ඇතුළත් කර ඇත්නම් මිස ඡන්දය දීමට හිමිකම නොලැබිය යුත්තේ ය. (88 වැනි වගන්තිය)

Political Rights and Association
  • English

    No person shall be qualified to be an elector at an election of the President, or of the Members of Parliament or to vote at any Referendum, if he is subject to any of the following disqualifications, namely –
    (a) if he is not a citizen of Sri Lanka;
    (b) if he has not attained the age of eighteen years on the qualifying date specified by law under the provisions of Article 101;
    (c) if he is under any law in force in Sri Lanka found or declared to be of unsound mind;
    … (Art. 89)

  • Sinhala

    (අ) යම්කිසි තැනැත්තෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම්,
    (ආ) යම්කිසි තැනැත්තෙක් 101 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නීතියෙන් නිශ්චය කොට ඇති සුදුසුකම් ලැබීමේ දිනයේ දී අටළොස් විය සම්පූර්ණ කර නොමැති නම්,
    (ඇ) යම්කිසි තැනැත්තෙක් සිහිවිකල තැනැත්තකු ලෙස ශ්‍රී ලංකාවේ බලපවත්නා යම්කිසි නීතියක් යටතේ තීරණය කරනු ලැබ සිටී නම් හෝ විනිශ්චය කරනු ලැබ සිටී නම්
    – ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.
    … (89 වැනි වගන්තිය)

Political Rights and Association
  • English

    The voting for the election of the President of the Republic and of the Members of Parliament and at any Referendum shall be free, equal and by secret ballot. (Art. 93)

  • Sinhala

    ජනරජයේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම සඳහා ද, ජනමතවිචාරණවල දී ද, ඡන්දය දීම නිදහස්ව ද, සමානව ද, රහසේ ද, විය යුත්තේ ය. (93 වැනි වගන්තිය)

Electoral Bodies
  • English

    (1) There shall be an Election Commission (in this Chapter referred to as the “Commission”) consisting of five members appointed by the President on the recommendation of the Constitutional Council, from amongst persons who have distinguished themselves in any profession or in the fields of administration or education. ...
    (2) The object of the Commission shall be to conduct free and fair elections and Referenda.
    … (Art. 103)

  • Sinhala

    (1) (මේ පරිච්ඡේදයෙහි "කොමිෂන් සභාව" යනුවෙන් සඳහන් කරනු ලබන) මැතිවරණ කොමිෂන් සභාවක් තිබිය යුත්තේ ය. කොමිෂන් සභාව, යම් වෘත්තීන් හි හෝ පරිපාලන හෝ අධ්‍යාපන ක්‍ෂේත්‍රවල හෝ, විශිෂ්ටතා හිමිකරගෙන සිටින තැනැත්තන් අතුරෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත විය යුත්තේ ය. ...
    (2) නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම කොමිෂන් සභාවේ පරමාර්ථය විය යුත්තේ ය.
    … (103 වැනි වගන්තිය)

Electoral Bodies
  • English

    (1) The Commission shall exercise, perform and discharge all such powers, duties and functions conferred or imposed on or assigned to –
    (a) the Commission; or
    (b) the Commissioner-General of Elections,
    by the Constitution, and by the law for the time being relating to the election of the President, the election of Members of Parliament, the election of members of Provincial Councils, the election of members of Local Authorities and the conduct of Referenda, including but not limited to all the powers, duties and functions relating to the preparation and revision of registers of electors for the purposes of such elections and Referenda and the conduct of such elections and Referenda.
    (2) It shall be the duty of the Commission to secure the enforcement of all laws relating to the holding of any such election or the conduct of Referenda and it shall be the duty of all authorities of the State charged with the enforcement of such laws, to co-operate with the Commission to secure such enforcement.
    … (Art. 104B)

  • Sinhala

    (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම, පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත් කර ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් තත්කාලයේ බලපවත්නා නීතියක් මගින් -
    (අ) කොමිෂන් සභාව; හෝ
    (ආ) මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා,
    වෙත පවරා දී ඇති හෝ පනවා ඇති හෝ සියලු බලතල, කාර්ය සහ කර්තව්‍ය කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේ ද ඉටු කරනු ලැබිය යුත්තේ ද සිදු කරනු ලැබිය යුත්තේ ද වන්නේ ය. එවැනි ඡන්ද විමසීම්වල සහ ජනමත විචාරණවල කාර්ය සඳහා ඡන්ද හිමි නාමලේඛන පිළියෙල කිරීම සහ ප්‍රතිශෝධනය කිරීම ද, එම ඡන්ද විමසීම් පැවැත්වීම ද එකී බලතලවලට, කාර්යවලට සහ කර්තව්‍යවලට ඇතුළත් වන නමුත් ඒවාට ම පමණක් සීමා නොවන්නේ ය.
    (2) එවැනි ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ සියලු ම නීති බලාත්මක කිරීම, සුරක්‍ෂිත කිරීම කොමිෂන් සභාවේ කාර්යය විය යුතු අතර, එසේ ඒ නීති බලාත්මක කිරීම, සුරක්‍ෂිත කිරීමෙහිලා කොමිෂන් සභාවේ සහයෝගය දැක්වීම ඒ නීති බලාත්මක කිරීම භාරව සිටින සියලුම රජයේ බලධරයන්ගේ කාර්ය විය යුත්තේ ය.
    … (104ආ වැනි වගන්තිය)

Head of State
  • English


    4. The Sovereignty of the People shall be exercised and enjoyed in the following manner :–

    (b) the executive power of the People, including the defence of Sri Lanka, shall be exercised by the President of the Republic elected by the People ;
    … (Art. 4)

  • Sinhala


    4. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:–

    (ආ) රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය;
    … (4 වැනි වගන්තිය)

Head of State
  • English

    (1) There shall be a President of the Republic of Sri Lanka, who is the Head of the State, the Head of the Executive and of the Government and the Commander-in-Chief of the Armed Forces.
    (2) The President of the Republic shall be elected by the People and shall hold office for a term of five years. (Art. 30)

  • Sinhala

    (1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය, ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය.
    (2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය. (30 වැනි වගන්තිය)

Head of State
  • English

    (1) Any citizen who is qualified to be elected to the office of President may be nominated as a candidate for such office –
    (a) by a recognized political party ; or
    (b) if he is or has been an elected member of the legislature, by any other political party or by an elector whose name has been entered in any register of electors.
    ... (Art. 31)

  • Sinhala

    (1) ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති කවර වූ හෝ පුරවැසියකුගේ නම -
    (අ) පිළිගත් දේශපාලන පක්‍ෂයක් විසින්; හෝ
    (ආ) ඔහු ව්‍යවස්ථාදායකයෙහි තෝරා පත් කළ මන්ත්‍රීවරයෙක්ව සිටී නම් නැතහොත් එසේ මන්ත්‍රීවරයෙක්ව සිටියේ නම්, වෙනත් යම් දේශපාලන පක්‍ෂයක් විසින් හෝ යම්කිසි ඡන්ද හිමි නාම ලේඛනයක නම ඇතුළත් ඡන්ද හිමියකු විසින්; 
    ... (31 වැනි වගන්තිය)

Head of State
  • English

    Every person who is qualified to be an elector shall be qualified to be elected to the office of President unless he is subject to any of the following disqualifications–
    (a) if he has not attained the age of thirty years;
    (b) if he is not qualified to be elected as a Member of Parliament under sub-paragraph (d), (e), (f) or (g) of paragraph (1) of Article 91; and
    (c) if he has been twice elected to the office of President by the People.
    (d) if he has been removed from the office of President under the provisions of sub-paragraph (e) of paragraph (2) of Article 38. (Art. 92)

  • Sinhala

    ඡන්ද හිමියකු වීමට සුදුසුකම්ලත් සෑම තැනැත්තෙක් ම, ඒ තැනැත්තා -
    (අ) වයස අවුරුදු තිස් (30) සම්පූර්ණ කර නොසිටීම;
    (ආ) 91 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඈ), (ඉ), (ඊ) හෝ (උ) ඡේද යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු වීම;
    (ඇ) ඔහු, ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොට ගනු ලැබ තිබීම;
    (ඈ) 38 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ විධිවිධාන යටතේ ජනාධිපති ධුරයෙන් ඉවත් කරනු ලැබ සිටීම, යන නුසුදුසුකම්වලින් කවර වූ හෝ නුසුදුසුකමකට යටත්ව සිටී නම් මිස, ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් වන්නේ ය. (92 වැනි වගන්තිය)

Government
  • English

    (1) There shall be a Cabinet of Ministers charged with the direction and control of the Government of the Republic.
    ...
    (3) The President shall be a member of the Cabinet of Ministers and shall be the Head of the Cabinet of Ministers:
    ...
    (4) The President shall appoint as Prime Minister the Member of Parliament, who, in the President’s opinion, is most likely to command the confidence of Parliament. (Art. 43)

  • Sinhala

    (1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.
    ...
    (3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය:
    ...
    (4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය. (43 වැනි වගන්තිය)

Government
  • English

    (1) The President shall, in consultation with the Prime Minister, where he considers such consultation to be necessary, determine the number of Ministers of the Cabinet of Ministers and the Ministries and the assignment of subjects and functions to such Ministers.
    (2) The President shall, in consultation with the Prime Minister, appoint from among Members of Parliament, Ministers, to be in charge of the Ministries so determined.
    ...
    (4) The President may at any time change the assignment of subjects and functions and the composition of the Cabinet of Ministers. ... (Art. 44)

  • Sinhala

    (1) අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය.
    (2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.
    ...
    (4) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. ... (44 වැනි වගන්තිය)

Legislature
  • English

    ...
    4. The Sovereignty of the People shall be exercised and enjoyed in the following manner :–
    (a) the legislative power of the People shall be exercised by Parliament, consisting of elected representatives of the People and by the People at a Referendum ;
    … (Art. 4)

  • Sinhala

    ...
    4. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:-
    (අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය;
    … (4 වැනි වගන්තිය)

Legislature
  • English

    (1) There shall be a Parliament which shall consist of two hundred and twenty-five Members elected in accordance with the provisions of the Constitution.
    … (Art. 62)

  • Sinhala

    (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන් දෙසිය විසිපස් දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේ ය.
    … (62 වැනි වගන්තිය)

Legislature
  • English

    Parliament shall have power to make laws, including laws having retrospective effect and repealing or amending any provision of the Constitution, or adding any provision to the Constitution :
    … (Art. 75)

  • Sinhala

    අතීතයට ද බලපාන්නා වූ නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ කවර හෝ විධිවිධානයක් පරිච්ඡින්න කරන්නා වූ හෝ සංශෝධනය කරන්නා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් එකතු කරන්නා වූ හෝ නීති ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේ ය:
    … (75 වැනි වගන්තිය)

Legislature
  • English

    No person shall be qualified to be an elector at an election of the President, or of the Members of Parliament or to vote at any Referendum, if he is subject to any of the following disqualifications, namely –
    (a) if he is not a citizen of Sri Lanka ;
    (b) if he has not attained the age of eighteen years on the qualifying date specified by law under the provisions of Article 101 ;
    (c) if he is under any law in force in Sri Lanka found or declared to be of unsound mind;
    … (Art. 89)

  • Sinhala

    (අ) යම්කිසි තැනැත්තෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම්,
    (ආ) යම්කිසි තැනැත්තෙක් 101 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නීතියෙන් නිශ්චය කොට ඇති සුදුසුකම් ලැබීමේ දිනයේ දී අටළොස් විය සම්පූර්ණ කර නොමැති නම්,
    (ඇ) යම්කිසි තැනැත්තෙක් සිහිවිකල තැනැත්තකු ලෙස ශ්‍රී ලංකාවේ බලපවත්නා යම්කිසි නීතියක් යටතේ තීරණය කරනු ලැබ සිටී නම් හෝ විනිශ්චය කරනු ලැබ සිටී නම්
    – ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.
    … (89 වැනි වගන්තිය)

Legislature
  • English

    Every person who is qualified to be an elector shall be qualified to be elected as a Member of Parliament unless he is disqualified under the provisions of Article 91. (Art. 90)

  • Sinhala

    91 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නුසුදුස්සකු වුවහොත් මිස ඡන්ද බලය හිමි සෑම තැනැත්තෙක් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට සුදුස්සෙක් වන්නේ ය. (90 වැනි වගන්තිය)

Links to all sites last visited 14 May 2024
3, 4

3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise”.
4- Chapter III on Fundamental Rights.

5

Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”

6

Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.

7

Chapter III on Fundamental Rights.