Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2020
Obligations of the State
  • English
    The PEOPLE OF SRI LANKA … assuring to all peoples FREEDOM, EQUALITY, JUSTICE, FUNDAMENTAL HUMAN RIGHTS and the INDEPENDENCE OF THE JUDICIARY as the intangible heritage that guarantees the dignity and well-being of succeeding generations of the People of SRI LANKA … (Preamble)
  • Sinhala
    ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් ... ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරා වලද ධර්මිෂ්ට නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්‍ෂිත කිරීමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේ දී සහාය වීමට පැමිණෙන සකල ලෝකවාසීන්ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ශනීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධිනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ... (පූර්විකාව)
Obligations of the State
  • English
    In the Republic of Sri Lanka sovereignty is in the People and is inalienable. Sovereignty includes the powers of government, fundamental rights and the franchise. (Art. 3)
  • Sinhala
    ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය. (3 වැනි වගන්තිය)
Obligations of the State
  • English
    The Sovereignty of the People shall be exercised and enjoyed in the following manner:–

    (d) the fundamental rights which are by the Constitution declared and recognized shall be respected, secured and advanced by all the organs of government and shall not be abridged, restricted or denied, save in the manner and to the extent hereinafter provided;
    … (Art. 4)
  • Sinhala
    ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:–

    (ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේ ය; ආරක්‍ෂා කරනු ලැබිය යුත්තේ ය; වර්ධනය කරනු ලැබිය යුත්තේ ය; තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්‍ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ය;
    … (4 වැනි වගන්තිය)
Obligations of the State
  • English

    (2) The State is pledged to establish in Sri Lanka a democratic socialist society, the objectives of which include –
    (a) the full realization of the fundamental rights and freedoms of all persons ;
    … (Art. 27)
  • Sinhala

    (2) මතු දැක්වෙන අරමුණ ද ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය -
    (අ) සියලු තැනැත්තන්ගේ ම මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරා ලීම;
    … (27 වැනි වගන්තිය)
Obligations of Private Parties
  • English
    The exercise and enjoyment of rights and freedoms is inseparable from the performance of duties and obligations and accordingly it is the duty of every person in Sri Lanka –

    (e) to respect the rights and freedoms of others; … (Art. 28)
  • Sinhala
    අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ක්‍රියාත්මකවීමත්, භුක්ති විඳීමත් යුතුකම් හා බැඳීම් ඉටු කිරීමෙන් වෙන්ව පැවතිය නොහැක්කේ ය. එහෙයින් –

    (ඉ) සෙසු අයගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ගරු කිරීම ද, … (28 වැනි වගන්තිය)
Judicial Protection
  • English
    Every person shall be entitled to apply to the Supreme Court, as provided by Article 1265, in respect of the infringement or imminent infringement, by executive or administrative action, of a fundamental right to which such person is entitled under the provisions of this Chapter. (Art. 17)
  • Sinhala
    මේ පරිච්ඡේදයේ විධිවිධාන යටතේ යම් තැනැත්තකුට හිමි වන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය. (17 වැනි වගන්තිය)
Judicial Protection
  • English
    The Supreme Court of the Republic of Sri Lanka shall be the highest and final superior Court of record in the Republic and shall subject to the provisions of the Constitution exercise –

    (b) jurisdiction for the protection of fundamental rights;
    … (Art. 118)
  • Sinhala
    ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනරජයේ උත්තරීතම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, මෙහි පහත දැක්වෙන ආකාරයේ වූ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ ය. එනම්:–

    (ආ) මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා වූ අධිකරණ බලය;
    … (118 වැනි වගන්තිය)
Judicial Protection
  • English
    (1) The Supreme Court shall have sole and exclusive jurisdiction to hear and determine any question relating to the infringement or imminent infringement by executive or administrative action of any fundamental right or language right declared and recognized by Chapter III or Chapter IV.
    (2) Where any person alleges that any such fundamental right or language right relating to such person has been infringed or is about to be infringed by executive or administrative action, he may himself or by an attorney-at-law on his behalf, within one month thereof, in accordance with such rules of court as may be in force, apply to the Supreme Court by way of petition in writing addressed to such Court praying for relief or redress in respect of such infringement. Such application may be proceeded with only with leave to proceed first had and obtained from the Supreme Court, which leave may be granted or refused, as the case may be, by not less than two judges.
    (3) Where in the course of hearing in the Court of Appeal into an application for orders in the nature of a writ of habeas corpus, certiorari, prohibition, procedendo, mandamus or quo warranto, it appears to such Court that there is prima facie evidence of an infringement or imminent infringement of the provisions of Chapter III or Chapter IV by a party to such application, such Court shall forthwith refer such matter for determination by the Supreme Court.
    … (Art. 126)
  • Sinhala
    (1) III වැනි පරිච්ඡේදයෙන් හෝ IV වැනි පරිච්ඡේදයෙන් හෝ ප්‍රකාශ කොට පිළිගන්නා ලද යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කිරීමට අත්‍යාසන්නව පැවතීම හා සම්බන්ධ කවර වූ හෝ ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීමේ තනි හා අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේ ය.
    (2) තමාට සම්බන්ධ එවැනි යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කොට ඇති බවට හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින් ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන්, එතැන් පටන් මාසයක් ඇතුළත, එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින ඉල්ලීමක්, තත්කාලයේ බලපවත්නා අධිකරණ රීතිවලට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය අමතා ඉදිරිපත් කරන ලිඛිත පෙත්සමක් මගින් කළ හැක්කේ ය. එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ව අවසරයක් ලබා ගැනීමෙන් පසුව පමණක් එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කරගෙන යා හැක්කේ ය. එසේ අවසරය ඉල්ලා සිටි විට අවස්ථාවෝචිත පරිදි ඒ අවසරය ප්‍රදානය කිරීම හෝ අවසරය දීම ප්‍රතික්‍ෂේප කිරීම හෝ විනිශ්චයකාරවරයන් දෙදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් කළ හැක්කේ ය.
    (3) හේබියස් කෝපුස්, සර්ටියොරාරි, තහනම්, ප්‍රොසිඩෙන්ඩෝ, මන්ඩාමුස් හෝ ක්වෝ වොරන්ටෝ ස්වභාවයේ වූ රිට් ආඥා සඳහා කරන ලද ඉල්ලීමක් අභියාචනාධිකරණයෙහි විභාග කිරීමේ දී, ඒ ඉල්ලීමේ පාර්ශ්වකරුවකු විසින්, III වැනි පරිච්ඡේදයේ හෝ IV වැනි පරිච්ඡේදයේ විධිවිධාන කඩකර ඇති බවට හෝ කඩ කිරීමට අත්‍යාසන්නව ඇති බවට බැලූ බැල්මට පෙනෙන සාක්‍ෂි ඇති බව ඒ අධිකරණයට පෙනී ගිය අවස්ථාවක ඒ කාරණය තීරණය කිරීම සඳහා ඒ අධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නොපමාව යොමු කළ යුත්තේ ය.
    … (126 වැනි වගන්තිය)
Judicial Protection
  • English
    (1) The Supreme Court shall, subject to the Constitution, be the final Court of civil and criminal appellate jurisdiction for and within the Republic of Sri Lanka for the correction of all errors in fact or in law which shall be committed by the Court of Appeal or any Court of First Instance, tribunal or other institution and the judgements and orders of the Supreme Court shall in all cases be final and conclusive in all such matters.
    ... (Art. 127)
  • Sinhala
    (1) අභියාචනාධිකරණය විසින් හෝ යම් මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය අධිකාරයක් හෝ වෙනත් ආයතනයක් විසින් හෝ සිද්ධිය පිළිබඳව නැතහොත් නීතිය පිළිබඳව කරනු ලබන සියලු ම වැරදි නිවැරදි කිරීම සඳහා, ශ්‍රේෂ්ඨාධිකරණය, ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් සහ ශ්‍රී ලංකා ජනරජය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ව සිවිල් හා අපරාධ අභියාචනා අධිකරණ බලය ඇති අවසාන අධිකරණය වන්නේ ය. තව ද, සෑම අවස්ථාවකම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු හා ආඥා එවැනි සෑම කාරණයක දී ම අවසානාත්මක හා තීරණාත්මක වන්නේ ය.
    ... (127 වැනි වගන්තිය)
National Human Rights Bodies
  • English
    (1) Parliament shall by law provide for the establishment of the office of the Parliamentary Commissioner for Administration (Ombudsman) charged with the duty of investigating and reporting upon complaints or allegations of the infringement of fundamental rights and other injustices by public officers and officers of public corporations, local authorities and other like institutions, in accordance with and subject to the provisions of such law.
    (2) The Parliamentary Commissioner for Administration (Ombudsman) shall, subject to the approval of the Constitutional Council, be appointed by the President and shall hold office during good behaviour.
    … (Art. 156)6
  • Sinhala
    (1) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) ධුරය ඇති කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය යුත්තේ ය. රජයේ නිලධරයන් විසින් සහ රාජ්‍ය සහ සංස්ථාවල, පළාත් පාලන ආයතනවල හා එවැනි වෙනත් ආයතනවල නිලධරයන් විසින් සිදු කරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ වෙනත් අසාධාරණ ක්‍රියා ගැන කරනු ලබන පැමිණිලි හෝ චෝදනා ඒ නීතියේ විධිවිධානවලට අනුකූලව හා යටත්ව පරීක්‍ෂා කර බලා වාර්තා කිරීමේ කාර්යභාරය පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා වෙත පැවරෙන්නේ ය.
    (2) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්) ජනාධිපතිවරයා විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව පත්කරනු ලැබිය යුත්තේ ය. එම කොමසාරිස්වරයා යථා පැවැත්මෙන් සිටින තාක් ස්වකීය ධූරය දැරිය යුත්තේ ය.
    … (156 වැනි වගන්තිය)
Links to all sites last visited 31 March 2021
3, 4
3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”4- Chapter III on Fundamental Rights
5
Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”
6
Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.
7
Chapter III on Fundamental Rights