Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2020
Head of State
  • English

    4. The Sovereignty of the People shall be exercised and enjoyed in the following manner :–

    (b) the executive power of the People, including the defence of Sri Lanka, shall be exercised by the President of the Republic elected by the People ;
    … (Art. 4)
  • Sinhala

    4. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:–

    (ආ) රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය;
    … (4 වැනි වගන්තිය)
Head of State
  • English
    (1) There shall be a President of the Republic of Sri Lanka, who is the Head of the State, the Head of the Executive and of the Government and the Commander-in-Chief of the Armed Forces.
    (2) The President of the Republic shall be elected by the People and shall hold office for a term of five years. (Art. 30)
  • Sinhala
    (1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය, ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය.
    (2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය. (30 වැනි වගන්තිය)
Head of State
  • English
    (1) Any citizen who is qualified to be elected to the office of President may be nominated as a candidate for such office –
    (a) by a recognized political party ; or
    (b) if he is or has been an elected member of the legislature, by any other political party or by an elector whose name has been entered in any register of electors.
    ... (Art. 31)
  • Sinhala
    (1) ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීම සඳහා සුදුසුකම් ලබා ඇති කවර වූ හෝ පුරවැසියකුගේ නම -
    (අ) පිළිගත් දේශපාලන පක්‍ෂයක් විසින්; හෝ
    (ආ) ඔහු ව්‍යවස්ථාදායකයෙහි තෝරා පත් කළ මන්ත්‍රීවරයෙක්ව සිටී නම් නැතහොත් එසේ මන්ත්‍රීවරයෙක්ව සිටියේ නම්, වෙනත් යම් දේශපාලන පක්‍ෂයක් විසින් හෝ යම්කිසි ඡන්ද හිමි නාම ලේඛනයක නම ඇතුළත් ඡන්ද හිමියකු විසින්; හෝ
    ජනාධිපති ධුරය සඳහා යෝජනා කරනු ලැබිය හැක්කේ ය.
    ... (31 වැනි වගන්තිය)
Head of State
  • English
    Every person who is qualified to be an elector shall be qualified to be elected to the office of President unless he is subject to any of the following disqualifications–
    (a) if he has not attained the age of thirty five years;
    (b) if he is not qualified to be elected as a Member of Parliament under sub-paragraph (d), (e), (f) or (g) of paragraph (1) of Article 91; and
    (c) if he has been twice elected to the office of President by the People.
    (d) if he has been removed from the office of President under the provisions of sub-paragraph (e) of paragraph (2) of Article 38. (Art. 92)
  • Sinhala
    ඡන්ද හිමියකු වීමට සුදුසුකම්ලත් සෑම තැනැත්තෙක් ම, ඒ තැනැත්තා -
    (අ) වයස අවුරුදු තිස්පහ (35) සම්පූර්ණ කර නොසිටීම;
    (ආ) 91 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඈ), (ඉ), (ඊ) හෝ (උ) ඡේද යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු වීම;
    (ඇ) ඔහු, ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොට ගනු ලැබ තිබීම;
    (ඈ) 38 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ (ඉ) ඡේදයේ විධිවිධාන යටතේ ජනාධිපති ධුරයෙන් ඉවත් කරනු ලැබ සිටීම, යන නුසුදුසුකම්වලින් කවර වූ හෝ නුසුදුසුකමකට යටත්ව සිටී නම් මිස, ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙක් වන්නේ ය. (92 වැනි වගන්තිය)
Links to all sites last visited 31 March 2021
3, 4
3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”4- Chapter III on Fundamental Rights
5
Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”
6
Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.
7
Chapter III on Fundamental Rights