Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2020
Legislature
  • English
    ...
    4. The Sovereignty of the People shall be exercised and enjoyed in the following manner :–
    (a) the legislative power of the People shall be exercised by Parliament, consisting of elected representatives of the People and by the People at a Referendum ;
    … (Art. 4)
  • Sinhala
    ...
    4. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:-
    (අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය;
    … (4 වැනි වගන්තිය)
Legislature
  • English
    (1) There shall be a Parliament which shall consist of two hundred and twenty-five Members elected in accordance with the provisions of the Constitution.
    … (Art. 62)
  • Sinhala
    (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන් දෙසිය විසිපස් දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේ ය.
    … (62 වැනි වගන්තිය)
Legislature
  • English
    Parliament shall have power to make laws, including laws having retrospective effect and repealing or amending any provision of the Constitution, or adding any provision to the Constitution : … (Art. 75)
  • Sinhala
    අතීතයට ද බලපාන්නා වූ නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ කවර හෝ විධිවිධානයක් පරිච්ඡින්න කරන්නා වූ හෝ සංශෝධනය කරන්නා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් එකතු කරන්නා වූ හෝ නීති ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේ ය: … (75 වැනි වගන්තිය)
Legislature
  • English
    No person shall be qualified to be an elector at an election of the President, or of the Members of Parliament or to vote at any Referendum, if he is subject to any of the following disqualifications, namely –
    (a) if he is not a citizen of Sri Lanka ;
    (b) if he has not attained the age of eighteen years on the qualifying date specified by law under the provisions of Article 101 ;
    (c) if he is under any law in force in Sri Lanka found or declared to be of unsound mind;
    … (Art. 89)
  • Sinhala
    (අ) යම්කිසි තැනැත්තෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම්,
    (ආ) යම්කිසි තැනැත්තෙක් 101 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නීතියෙන් නිශ්චය කොට ඇති සුදුසුකම් ලැබීමේ දිනයේ දී අටළොස් විය සම්පූර්ණ කර නොමැති නම්,
    (ඇ) යම්කිසි තැනැත්තෙක් සිහිවිකල තැනැත්තකු ලෙස ශ්‍රී ලංකාවේ බලපවත්නා යම්කිසි නීතියක් යටතේ තීරණය කරනු ලැබ සිටී නම් හෝ විනිශ්චය කරනු ලැබ සිටී නම්
    – ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.
    … (89 වැනි වගන්තිය)
Legislature
  • English
    Every person who is qualified to be an elector shall be qualified to be elected as a Member of Parliament unless he is disqualified under the provisions of Article 91. (Art. 90)
  • Sinhala
    91 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නුසුදුස්සකු වුවහොත් මිස ඡන්ද බලය හිමි සෑම තැනැත්තෙක් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට සුදුස්සෙක් වන්නේ ය. (90 වැනි වගන්තිය)
Links to all sites last visited 31 March 2021
3, 4
3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”4- Chapter III on Fundamental Rights
5
Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”
6
Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.
7
Chapter III on Fundamental Rights