Search Database

The Global Gender Equality Constitutional Database is a repository of gender equality related provisions in 194 constitutions from around the world. The Database was updated in partnership with the International Bar Association's Human Rights Institute (IBAHRI) and with support from the Swedish International Development Agency (SIDA) and the Government of Japan. Experience its wealth and depth of information by starting your search now.

REFINE RESULTS
About 65 results

Affirmative Action (Broadly)

Sri Lanka, English


(4) Nothing in this Article shall prevent special provision being made, by law, subordinate legislation or executive action, for the advancement of women, children or disabled persons. (Art. 12)

Sri Lanka, Sinhala


(4) කාන්තාවන්ගේ, ළමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ ප්‍රගතිය සඳහා නීතියෙන් හෝ අනු නීතිවලින් හෝ විධායක ක්‍රියා මාර්ගයෙන් හෝ විශේෂ විධිවිධාන සැලැස්වීම මේ ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොවන්නේ ය. (12 වැනි වගන්තිය)

Status of International Law

Sri Lanka, English


(15) The State shall promote international peace, security and co-operation, and the establishment of a just and equitable international economic and social order and shall endeavour to foster respect for international law and treaty obligations in dealings among nations.
... (Art. 27)

Sri Lanka, Sinhala


(15) ජාත්‍යන්තර සාමය, සුරක්‍ෂිතභාවය හා සහයෝගීතාව වර්ධනය කිරීම ද, ජාතීන් අතර කටයුතුවල දී ජාත්‍යන්තර නීතිය සහ ගිවිස ගත් බැඳීම් කෙරෙහි ගෞරවය ඇති කිරීමට උත්සාහ කිරීම ද, ධර්මිෂ්ඨ හා සාධාරණ ජාත්‍යන්තර ආර්ථීක හා සමාජ ක්‍රමයක් ඇති කිරීමට උත්සාහ කිරීම ද රජය විසින් කළ යුත්තේ ය.
... (27 වැනි වගන්තිය)

Sexual and Reproductive Rights

Sri Lanka, English


9. Health –

9:3 Population control and family planning;
… (Ninth Schedule, List III, Concurrent List)

Sri Lanka, Sinhala

...
9. සෞඛ්‍යය –

9:3 ජනගහන පාලනය සහ පවුල් සංවිධානය;
… (නව වැනි උපලේඛනය, III වැනි ලැයිස්තුව, සමගාමී ලැයිස්තුව)

Public Institutions and Services

Sri Lanka, English

...
(2) The State is pledged to establish in Sri Lanka a democratic socialist society, the objectives of which include –

(c) the realization by all citizens of an adequate standard of living for themselves and their families, including adequate food, clothing and housing, the continuous improvement of living conditions and the full enjoyment of leisure and social and cultural opportunities ;

(e) the equitable distribution among all citizens of the material resources of the community and the social product, so as best to subserve the common good ;

(9) The State shall ensure social security and welfare.
...
(12) The State shall recognize and protect the family as the basic unit of society.
… (Art. 27)

Sri Lanka, Sinhala

...
(2) මතු දැක්වෙන අරමුණ ද ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය –

(ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ නිවාස පහසුව ද, ජීවන තත්ත්‍වයෙහි නිරන්තර වර්ධනය ද, විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප්‍රස්තා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම;

(ඉ) පොදුජන යහපතට ඉවහල්වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස ඛෙදා හැරීම;

(9) සමාජ සුරක්‍ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට රජය වගබලා ගත යුත්තේ ය.
...
(12) පවුල, සමාජයේ මූලික ඒකකය වශයෙන් රජය විසින් පිළිගෙන ආරක්‍ෂා කළ යුත්තේ ය.
… (27 වැනි වගන්තිය)

Public Institutions and Services

Sri Lanka, English

...
11. Health –
11:1 The establishment and maintenance of public hospitals, rural hospitals, maternity homes, dispensaries (other than teaching hospitals and hospitals established for special purposes) ;
11:2 Public health services, health education, nutrition, family health maternity and child care, food and food sanitation, environmental health ;
… (Ninth Schedule, List I, Provincial Council List)

Sri Lanka, Sinhala

...
11. සෞඛ්‍යය -
11:1 (ශික්‍ෂණ රෝහල් සහ විශේෂ කාර්යය සඳහා පිහිටුවනු ලබන රෝහල් හැර) මහජන රෝහල්, ග්‍රාමීය රෝහල්, මාතෘ නිවාස සහ ඛෙහෙත් ශාලා පිහිටුවා පවත්වාගෙන යාම;
11:2 මහජන සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය අධ්‍යාපනය, පෝෂණය, පවුල් සෞඛ්‍ය ය, මාතෘ දාරක රක්‍ෂණය, ආහාර සහ ආහාර සෞඛ්‍යාහරක්‍ෂණය, පාරිසරික සෞඛ්‍යය;
… (නව වැනි උපලේඛනය, I වැනි ලැයිස්තුව, පළාත් සභා ලැයිස්තුව)

Protection from Violence

Sri Lanka, English

No person shall be subjected to torture or to cruel, inhuman or degrading treatment or punishment. (Art. 11)

Sri Lanka, Sinhala

කිසිම තැනැත්තකු වධ හිංසාවලට හෝ කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඞුුවමකට යටත් නොකළ යුත්තේ ය. (11 වැනි වගන්තිය)

Protection from Violence

Sri Lanka, English

...
(7) The State shall eliminate economic and social privilege and disparity and the exploitation of man by man or by the State.

(13) The State shall promote with special care the interests of children and youth, so as to ensure their full development, physical, mental, moral, religious and social, and to protect them from exploitation and discrimination.
… (Art. 27)

Sri Lanka, Sinhala

...
(7) ආර්ථීක සහ සාමාජයික වරප්‍රසාද හා විෂමතා ද, මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කර ගැන්ම ද, රජය විසින් තුරන් කළ යුත්තේ ය.

(13) ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සමාජයික වශයෙන් පූර්ණ වර්ධනයට පත් වන බවට වගබලා ගැනීමටත්, ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්‍ෂා කර ගැනීමටත් හැකි වන පරිදි ඔවුන්ගේ ශුභ සිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුතුව වර්ධනය කළ යුත්තේ ය.
… (27 වැනි වගන්තිය)

Property, Inheritance and Land Tenure

Sri Lanka, English


18. Land – Land, that is to say, rights in or over land, land tenure, transfer and alienation of land, land use, land settlement and land improvement, to the extent set out in Appendix II.
… (Ninth Schedule, List I, Provincial Council List)

Sri Lanka, Sinhala

...
18. ඉඩම් - ඉඩම්, එනම් (II) වැනි පරිශිෂ්ටයෙහි දක්වා ඇති ප්‍රමාණයට ඉඩම් කෙරෙහි හෝ ඉඩම් විෂයයෙහි ඇති අයිතිවාසිකම්, ඉඩම් භුක්තිය, ඉඩම් විකිණීම හා අන්සතු කිරීම, ඉඩම් පරිහරණය, ඉඩම්වල පදිංචි කරවීම සහ ඉඩම් වැඩි දියුණු කිරීම.
… (නව වැනි උපලේඛනය, I වැනි ලැයිස්තුව, පළාත් සභා ලැයිස්තුව)

Legislature

Sri Lanka, English

Every person who is qualified to be an elector shall be qualified to be elected as a Member of Parliament unless he is disqualified under the provisions of Article 91. (Art. 90)

Sri Lanka, Sinhala

91 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නුසුදුස්සකු වුවහොත් මිස ඡන්ද බලය හිමි සෑම තැනැත්තෙක් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට සුදුස්සෙක් වන්නේ ය. (90 වැනි වගන්තිය)

Legislature

Sri Lanka, English

(1) There shall be a Parliament which shall consist of two hundred and twenty-five Members elected in accordance with the provisions of the Constitution.
… (Art. 62)

Sri Lanka, Sinhala

(1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන් දෙසිය විසිපස් දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේ ය.
… (62 වැනි වගන්තිය)